සහකාර පොලිස් අධිකාරී (ASP) රොහාන් ඕලුගල මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
පසුගිය ජනවාරි 30 වැනිදා රාත්‍රියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුව මුලින්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල වෙත ඇතුළත් කර තිබුණි. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් සිදු කළ පරීක්ෂාවකින් පසු, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළේ, සහකාර පොලිස් අධිකාරීවරයා මේ වන විට වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සුව වෙමින් පවතින බවයි. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර මට්ටමක පවතින බවද මෙහිදී අනාවරණය විය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස් ශිෂ්ඨ සම්පන්න ලෙස මෙහි ඇතුළත් කරන්න. වෙළඳ දැන්වීම් හෝ ලින්ක් ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබගේ අදහස් අනුමත වූ පසු අඩවියේ පළ කරනු ලැබේ.