ඔස්ට්‍රේලියානු රජය විසින් මෑතකදී වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ගත් තීරණයත් සමඟ ඉන්දියාව තුළ ද එවැනි නීති පද්ධතියක අවශ්‍යතාව පිළිබඳව දැඩි සංවාදයක් මතුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ඉන්දීය ප්‍රාන්ත කිහිපයක අමාත්‍යවරුන් සහ බලධාරීන් මේ වන විටත් මෙම සීමාවන් පැනවීමේ හැකියාව පිළිබඳව මූලික අධ්‍යයනයන් ආරම්භ කර ඇත.
දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ සබැඳි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගත යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වුවද, ඉන්දියාව තුළ මෙය ක්‍රියාවට නැංවීම පහසු නොවන බව එරට තාක්ෂණික විශේෂඥයින් පෙන්වා දෙයි. ඉන්දියාවේ විශාල ජනගහනය, විවිධ භාෂා භාවිතය සහ වයස තහවුරු කිරීමේ (Age Verification) පවතින තාක්ෂණික ගැටලු මෙයට ප්‍රධාන බාධාවන් ලෙස හඳුනාගෙන තිබේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස් ශිෂ්ඨ සම්පන්න ලෙස මෙහි ඇතුළත් කරන්න. වෙළඳ දැන්වීම් හෝ ලින්ක් ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබගේ අදහස් අනුමත වූ පසු අඩවියේ පළ කරනු ලැබේ.