උපාධිධාරීන්ට ගුරු පත්වීම් ලබාදීමේ තරඟ විභාග අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

0
A teacher in a colorful sari stands in front of a classroom, pointing as students attentively listen. Desks are filled with books.


දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රිසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට (SLTS) බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අයැදුම්පත් කැඳවා තිබේ.


අදාළ බඳවා ගැනීම් සඳහා වන මාර්ගගත අයදුම්පත් කැඳවීම 2026 පෙබරවාරි 20 වන දින ආරම්භ වන අතර, අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ලෙස 2026 මාර්තු 05 දක්වා ඇත. මෙම බඳවා ගැනීම් යටතේ ප්‍රාථමික, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන අංශවල පවතින විෂයන් 100කට අධික සංඛ්‍යාවකට උපාධිධාරීන් බඳවා ගැනීමට නියමිතය.


අයදුම් කිරීමට මූලික සුදුසුකම්:

  • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පිළිගත් උපාධියක් සහිත වීම.
  • 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරක නියුතු නොවූ උපාධිධාරියෙකු වීම (විවෘත ගණය).
  • එදිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ 40ට නොවැඩි වීම.
  • අදාළ විෂයයන් සඳහා උපාධියේදී 1/3ක විෂය දායකත්වයක් සහිත වීම.
(getButton) #text=(විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය) #icon=(link)

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා පමණක් අයදුම්පත් යොමු කළ යුතු අතර, කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ නොකරන බවද රජය අවධාරණය කරයි. නව බඳවා ගැනීම්වලදී පත්වීම් ලබන පාසලේ වසර 5ක අනිවාර්ය සේවා කාලයක් සම්පූර්ණ කළ යුතු අතර එම කාලය තුළ කිසිදු ස්ථාන මාරුවක් හිමි නොවේ.


Post a Comment

0 Comments

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස් ශිෂ්ඨ සම්පන්න ලෙස මෙහි ඇතුළත් කරන්න. වෙළඳ දැන්වීම් හෝ ලින්ක් ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබගේ අදහස් අනුමත වූ පසු අඩවියේ පළ කරනු ලැබේ.

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!