නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සඳහා හඳුන්වා දුන් කිසිදු මොඩියුලයක් රජය විසින් ඉවත් කර හෝ ප්‍රතික්ෂේප කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ, මෙම ප්‍රතිසංස්කරණ ලබන 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවයි.
මීට අමතරව, වත්මන් වසරේ 6 ශ්‍රේණියේ සිසුන් සඳහා අවශ්‍ය පෙළපොත් මේ වන විටත් ගබඩාවල සිට බෙදා හැරීම ආරම්භ කර ඇති බවත්, පෙබරවාරි මස මැද වන විට එම ක්‍රියාවලිය සම්පූර්ණ කරන බවත් ඇය අවධාරණය කළාය. දැනට පවතින (පැරණි) විෂය නිර්දේශය යටතේ ගුරුවරුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට බාධාවක් නොමැති බව ද මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.
"6 වසරේ පළවෙනි වාරයේ මොඩියුල තමා ප්‍රින්ට් කරලා තියෙන්නේ. ඒවයින් සියල්ලම ප්‍රතික්ෂේප කරලත් නෑ. අයින් කරලත් නෑ. අපි 6 වසර 2027 ක්‍රියාත්මක කරන්න යෝජිතයි. 2027 ක්‍රියාත්මක කරනකොට ඒවා භාවිතා කරන්න අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒක මේ වෙලාවේ අයින් කරලවත්, පාඩුවක් වෙන විදියට කිසිම තීරණයක් අරන් නෑ"
"6 ශ්‍රේණියේ පෙළ පොත් අපි මේ වෙනකොට ප්‍රින්ට් කරලා ගබඩාවල තියෙන ඒවා බෙදන්න පටන් අරගෙන තියෙනවා. පෙබරවාරි මාසේ මැද වෙනකොට සියලුම පෙළපොත් අපි බෙදන්න සූදානම් කරලා තියෙනවා. ගුරුවරුන් උගන්වන වැඩේ ආරම්භ කරලා තියෙනවා. පරණ සිලබස් එක නිසා ඒවා උගන්වන්න හැකියාව තියෙනවා ගුරුවරුන්ට"

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස් ශිෂ්ඨ සම්පන්න ලෙස මෙහි ඇතුළත් කරන්න. වෙළඳ දැන්වීම් හෝ ලින්ක් ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබගේ අදහස් අනුමත වූ පසු අඩවියේ පළ කරනු ලැබේ.