ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවන්ට අනුව, 2026 වසරේ ගත වූ ජනවාරි මාසය තුළ සංචාරකයින් 277,327ක් මෙරටට පැමිණ තිබේ. මෙය ශ්‍රී ලංකා සංචාරක ඉතිහාසයේ කැලැන්ඩර් මාසයක් තුළ වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම ලෙස ඉතිහාසයට එක් වේ.
2025 වසරේ ජනවාරි මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව සමඟ සංසන්දනය කිරීමේදී මෙවර 10%කට ආසන්න පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරන බව දත්ත වාර්තා පෙන්වා දෙයි. ගත වූ මාසයේ සංචාරක පැමිණීමේ උපරිමය ජනවාරි 15 වැනිදා වාර්තා වූ අතර එදින පමණක් සංචාරකයින් 10,483ක් දිවයිනට පැමිණ ඇත.
මෙවර වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 52,061කි. සෙසු ප්‍රධාන රටවල් පහත වගුවේ දැක්වේ.
| රට (Country) | සංචාරකයින් සංඛ්‍යාව |
| ඉන්දියාව (India) | 52,061 |
| එක්සත් රාජධානිය (UK) | 29,540 |
| රුසියාව (Russia) | 27,134 |
| ජර්මනිය (Germany) | 17,776 |

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස් ශිෂ්ඨ සම්පන්න ලෙස මෙහි ඇතුළත් කරන්න. වෙළඳ දැන්වීම් හෝ ලින්ක් ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබගේ අදහස් අනුමත වූ පසු අඩවියේ පළ කරනු ලැබේ.