ලාංකික ශ්‍රමික දායකත්වය කොරියාවේ ඇගයීමට - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ කොරියානු නියෝජිතයින් අතර හමුවක්

0

Two officials shake hands in front of the flags of South Korea and Sri Lanka, symbolizing diplomatic cooperation.

කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එරට ආර්ථිකයට ලබාදෙන සුවිශේෂී දායකත්වය ඉතාමත් ප්‍රශංසනීය බව කොරියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලී හැක් යංග් මහතා ප්‍රකාශ කළේය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ පැවති විශේෂ හමුවකදී ඔහු මේ බව පැවසීය.

මෙහිදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව සතුව ඉතා දක්ෂ පුහුණු ශ්‍රමික බලකායක් පවතින බවයි. කොරියානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම හරහා මෙම ශ්‍රම දායකත්වය ලබාගෙන, මෙරට නිෂ්පාදනය කරන භාණ්ඩ ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය වැනි කලාපීය වෙළඳපොළවල් වෙත පහසුවෙන් යොමු කළ හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව මේ වන විට පසුවන ආර්ථික අර්බුදය සහ IMF ණය ලබාගන්නා දුෂ්කර සමය පිළිබඳව අදහස් දැක්වූ ලී හැක් යංග් මහතා, කොරියාව ද අතීතයේ මෙවැනිම අසීරු කාලපරිච්ඡේදයක් පසු කළ බව සිහිපත් කළේය. එම තත්ත්වය කඩිනමින් ජයගෙන කොරියාව මෙන් දියුණු ආර්ථිකයක් ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය.

වසර 50ක් පුරා පවතින ශ්‍රී ලංකා - කොරියානු මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම, දෙරට අතර පවතින වීසා ගැටලු විසඳා ගැනීම සහ කාර්මික සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.


Post a Comment

0 Comments

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස් ශිෂ්ඨ සම්පන්න ලෙස මෙහි ඇතුළත් කරන්න. වෙළඳ දැන්වීම් හෝ ලින්ක් ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබගේ අදහස් අනුමත වූ පසු අඩවියේ පළ කරනු ලැබේ.

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!