ලෝක විවාහක රූ රැජින 2026 තරගයේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා යූසාෆ්ට

0
Sabina Yousaf wearing a tiara posed against a backdrop featuring the Sri Lankan flag, accompanied by the text "Mrs. World" and "Sabina Yousaf".

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් නුවරදී අති උත්කර්ෂවත් අන්දමින් පැවති ලෝක විවාහක රූ රැජින 2026 (Mrs. World 2026) තරගාවලියේ තෙවන ස්ථානය (2nd Runner-up) දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සබීනා යූසාෆ් මහත්මිය සමත් වූවාය.

ලොව පුරා රටවල් 60කට අධික සංඛ්‍යාවක රූ රැජිනියන් සහභාගී වූ මෙම තරගාවලියේදී සබීනා ආරම්භයේ සිටම කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ අතර, ඇය මුලින්ම අවසන් 20 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවාය. සිය දක්ෂතාවය සහ පෞරුෂය මැනවින් විදහා පෑ ඇය, මෙවර තරගාවලියේදී පිරිනමනු ලබන වඩාත් ජනප්‍රිය සම්මානයක් වන "Mrs. Photogenic" සම්මානයද දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

මෙවර ලෝක විවාහක රූ රැජින කිරුළ තායිලන්තය නියෝජනය කළ චනිටා සීඩාකෙට් ක්‍රේත්‍රෝන් (Chanita Sida-ket Cretron) විසින් දිනා ගත් අතර, දෙවන ස්ථානය ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කළ පේජ් එවින්ග් (Paige Ewing) හට හිමි විය. සබීනා යූසාෆ් ලබාගත් මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව රූ රැජින තරග ඉතිහාසයේ වාර්තා කළ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයකි.


Tags:

Post a Comment

0 Comments

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස් ශිෂ්ඨ සම්පන්න ලෙස මෙහි ඇතුළත් කරන්න. වෙළඳ දැන්වීම් හෝ ලින්ක් ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබගේ අදහස් අනුමත වූ පසු අඩවියේ පළ කරනු ලැබේ.

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!