78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් කොළඹ නගරයේ ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්ම

0
Traffic scene on a highway featuring various vehicles, overlaid with a celebratory banner for Sri Lanka's 78th Independence Day.


78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන් අද (30) සිට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. නිදහස් චතුරස්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම සැමරුම් උළෙල සඳහා ආරක්ෂාව සහ ගමනාගමන පහසුව වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.

අද (30), හෙට (31) සහ ලබන පෙබරවාරි 02 වන දිනවල පෙරහුරු පුහුණුවීම් පැවැත්වෙන අතර, එම දිනවල උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වා නිදහස් චතුරස්‍රය අවට මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන ඇත.

මීට අමතරව පෙබරවාරි 01 වන දින පෙරවරු 5.00 සිට දහවල් 1.30 දක්වාත්, පෙබරවාරි 04 වන දින උදෑසන 5.00 සිට නිදහස් දින උත්සවය අවසන් වන තෙක් අවස්ථානුකූලව කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත. කොළඹ නගරයට පිවිසෙන සහ නගරයෙන් පිටවන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත්, පොලීසිය විසින් නිකුත් කර ඇති මාර්ග සිතියම් අනුගමනය කරන ලෙසත් දැනුම් දෙනු ලැබේ.

Tags:

Post a Comment

0 Comments

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස් ශිෂ්ඨ සම්පන්න ලෙස මෙහි ඇතුළත් කරන්න. වෙළඳ දැන්වීම් හෝ ලින්ක් ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබගේ අදහස් අනුමත වූ පසු අඩවියේ පළ කරනු ලැබේ.

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!