ජනතාව තීරණය කළහොත් අගමැති ධුරයෙන් ඉවත් වීමට මම සූදානම් - අගමැති හරිනි අමරසූරිය

0

Harini Amarasuriya in a pink sari speaks energetically at a microphone in a parliamentary setting, holding a book. The room exudes a formal, engaged atmosphere.

අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුවිය යුතු බවට රටේ ජනතාව තීරණය කළහොත් තමා ඕනෑම මොහොතක ඉන් ඉවත් වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුවට සහභාගී වී අද පෙරවරුවේ දිවයිනට පැමිණි ඇය, පස්වරුවේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මේ බව සඳහන් කළාය.

"ජනාධිපති අයින් කරගන්න බැරි වුණා. අඩුම තරමේ අගමැති අයින් කරන්න උත්සාහ කළා නේ. කෝ ඉතින්. මං මේ අද උදේ ඇවිල්ලා දුවගෙන ආවේ විශ්වාසභංගයට මුහුණ දෙන්න. මං ඒක එනකම් බලාගෙන ඉන්නේ. ගේන්නේ නැද්ද?. අපරාදේ. අපි ලෑස්තිවෙලා හිටියේ."

"විශ්වාසභංග යෝජනාව ඔබතුමාලා ගෙන්න ඕනේ නැහැ. මේ රටේ ජනතාව තීරණය කළාම අගමැති වෙනස් වෙන්න ඕනේ කියලා..අපි ගෙදර යන්නත් සූදානම්. අපි වගකියන්නේ මේ රටේ ජනතාවට. ඒ අනුව අපි වැඩ කරගෙන යන්නම්."

තමාට එරෙහිව ගෙන ඒමට සූදානම් වූ විශ්වාසභංග යෝජනාවට මුහුණ දීම සඳහා තමා කඩිනමින් මෙරටට පැමිණි බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය. "මං මේ අද උදේ ඇවිල්ලා දුවගෙන ආවේ විශ්වාසභංගයට මුහුණ දෙන්න. මං ඒක එනකම් බලාගෙන ඉන්නේ" යැයි ඇය විපක්ෂයට අභියෝග කළාය. තවදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමන් වගකියන්නේ මේ රටේ ජනතාවට පමණක් බවත්, ජනමතය අනුව කටයුතු කිරීමට තමන් කිසිසේත් පසුබට නොවන බවත්ය.

Post a Comment

0 Comments

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස් ශිෂ්ඨ සම්පන්න ලෙස මෙහි ඇතුළත් කරන්න. වෙළඳ දැන්වීම් හෝ ලින්ක් ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබගේ අදහස් අනුමත වූ පසු අඩවියේ පළ කරනු ලැබේ.

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!