මම දැන් දේශපාලනයේ නැහැ - රනිල් වික්‍රමසිංහ මහනුවරදී කළ විශේෂ ප්‍රකාශය

0
A monk in an orange robe and a man in white attire converse in a room with ornate decorations. The setting is serene and respectful, highlighting cultural significance.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පෙරවරුවේ මහනුවර සංචාරයක නිරත වෙමින් මල්වතු සහ අස්ගිරි උභය පාර්ශ්වයේ මහා නායක හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශීර්වාද ලබාගත්තේය. මෙහිදී ඒ මහතා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

මෙම හමුව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි නොවූ අතර, සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මාධ්‍යවේදීන් දේශපාලන කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලදී. එහිදී ඔහු අවධාරණය කළේ "තමා දැන් දේශපාලනයේ නොමැති" බවයි. විශේෂයෙන් වත්මන් නීතිපතිවරයා ඉවත් කිරීමේ සූදානම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළ ද, ඔහු සිය ස්ථාවරය කෙටියෙන් පැහැදිලි කර පිටව ගියේය.

Post a Comment

0 Comments

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස් ශිෂ්ඨ සම්පන්න ලෙස මෙහි ඇතුළත් කරන්න. වෙළඳ දැන්වීම් හෝ ලින්ක් ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබගේ අදහස් අනුමත වූ පසු අඩවියේ පළ කරනු ලැබේ.

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!