පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතාගේ වැඩතහනම් කර ඇති බව වාර්තා වේ. ජනවාරි 23 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතහනම පනවා ඇත්තේ ඒ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් පදනම් කරගෙන බව සඳහන් වේ.
2023 සැප්තැම්බර් 15 වනදා සිට මෙම ධුරයේ රාජකාරි කළ කුලරත්න මහතා, වසර 20කට අධික වෘත්තීය අත්දැකීම් සහිත නිලධාරියෙකි. ඔහු රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු ද වේ. සිය වෘත්තීය ජීවිතය තුළ ජනාධිපති අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සහ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක වැනි ඉහළ පෙළේ පරිපාලන තනතුරු රැසක් ඔහු හොබවා තිබේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස් ශිෂ්ඨ සම්පන්න ලෙස මෙහි ඇතුළත් කරන්න. වෙළඳ දැන්වීම් හෝ ලින්ක් ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබගේ අදහස් අනුමත වූ පසු අඩවියේ පළ කරනු ලැබේ.