ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින්, ප්‍රථම වතාවට ස්ථීර සේවය සඳහා බඳවා ගත් කොන්දොස්තරවරියන් 19 දෙනෙකුට අද (06) පත්වීම් ප්‍රදානය කරන ලදී. මෙම උත්සවය කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය ප්‍රකාශ කළේ, මෙය ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ට පවතින සීමාවන් බිඳ දැමූ ඓතිහාසික දිනයක් බවයි. විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මගින් කාන්තාවන්ට වඩාත් හිතකාමී ප්‍රවාහන පරිසරයක් නිර්මාණය වන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ මහත්මිය පෙන්වා දුන්නේ, ලංකාවේ ආර්ථිකය මේ වන විට 'කාන්තාකරණය' වී ඇති බවත්, පොදු ප්‍රවාහනය තුළ සිදුවන කාන්තා හිංසනය පිටුදැකීමට මෙම නව පත්වීම්ලාභීන් ප්‍රබල ශක්තියක් වනු ඇති බවත්ය.
ශ්‍රී ලංගම ඉතිහාසයේ ප්‍රථම කොන්දොස්තරවරියන් 19 දෙනා පත්වීම් ලබයි
February 06, 2026
0
Tags:

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස් ශිෂ්ඨ සම්පන්න ලෙස මෙහි ඇතුළත් කරන්න. වෙළඳ දැන්වීම් හෝ ලින්ක් ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබගේ අදහස් අනුමත වූ පසු අඩවියේ පළ කරනු ලැබේ.