හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල ඇප මත මුදාහරී

0

Chamithri Rambukwella in a red saree and another in a patterned outfit, are seen standing outside, accompanied by police.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය ඇප මත මුදාහැරීමට අධිකරණය අද (06) නියෝග කළේය.

සැකකාරිය අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් විය. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇයව මුදාහැරීමට නියම කරන ලදී.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අයථා ලෙස උපයන ලද මුදල් විශුද්ධීකරණය කිරීමට සහය වීම සහ ඒ සඳහා ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් චමිත්‍රි රඹුක්වැල්ල මහත්මියට චෝදනා එල්ල වී තිබේ. අල්ලස් කොමිසම විසින් සිදුකරන පුළුල් විමර්ශනයකට අදාළව ඇයව අත්අඩංගුවට ගෙන තිබූ අතර, නඩුව ඉදිරි දිනකදී නැවත කැඳවීමට නියමිතය.


Post a Comment

0 Comments

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස් ශිෂ්ඨ සම්පන්න ලෙස මෙහි ඇතුළත් කරන්න. වෙළඳ දැන්වීම් හෝ ලින්ක් ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබගේ අදහස් අනුමත වූ පසු අඩවියේ පළ කරනු ලැබේ.

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!