පෞද්ගලික අංශයේ නව අවම වැටුප රු. 30,000 දක්වා ඉහළට

0


පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික අවම වැටුප රුපියල් 3,000කින් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ. කම්කරු කොමසාරිස් ජනරාල් එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද මහත්මිය නිවේදනය කර ඇත්තේ 2026 ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි අවම වැටුප රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා ඉහළ යන බවයි.

මෙම තීරණය ගනු ලැබුවේ 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධානවලට අනුකූලවය.

සේවායෝජකයන්ගේ වගකීම:

මෙම පනතේ නියමයන්ට අනුව සෘජු සේවායෝජකයා පමණක් නොව, අතරමැදියෙකු හෝ කොන්ත්‍රාත්කරුවෙකු හරහා සේවකයන් බඳවා ගන්නා අවසාන සේවායෝජකයා ද මෙම වැටුප ගෙවීමට නීතිමය වශයෙන් බැඳී සිටී.

  • දීමනා හිලවු කිරීම තහනම්: අයවැය සහන දීමනා හැර, සේවකයෙකු 2025.03.31 වන විට ලබමින් සිටි වෙනත් කිසිදු දීමනාවක් මෙම අවම වැටුප සඳහා හිලවු කිරීමට යොදාගත නොහැකිය.
  • ව්‍යවස්ථාපිත ගෙවීම්: EPF, ETF, අතිකාල (OT), පාරිතෝෂික සහ ප්‍රසූතිකාධාර වැනි සියලු ගෙවීම් මෙම නව රු. 30,000ක වැටුප් පදනම මත ගණනය කළ යුතුය.

පැමිණිලි ඉදිරිපත් කිරීම:

යම් හෙයකින් සේවායෝජකයෙකු මෙම නියමිත අවම වැටුප ගෙවීමට අපොහොසත් වන්නේ නම්, සේවකයන්ට ඒ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි කළමනාකරණ පද්ධතිය හරහා හෝ ළඟම පිහිටි කම්කරු කාර්යාලයට පැමිණිලි කළ හැකිය.

පැමිණිලි කළ හැකි වෙබ් අඩවිය: (getButton) #text=(Visit Link) #icon=(link)

Post a Comment

0 Comments

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස් ශිෂ්ඨ සම්පන්න ලෙස මෙහි ඇතුළත් කරන්න. වෙළඳ දැන්වීම් හෝ ලින්ක් ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබගේ අදහස් අනුමත වූ පසු අඩවියේ පළ කරනු ලැබේ.

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!