එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා මධ්‍යම අප්‍රිකානු ජනරජය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 11 වන බලඇණිය අද (21) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියේය. ගෲප් කැපිටන් ආසිරි පතිරගේ මහතාගේ අණදීම යටතේ ක්‍රියාත්මක මෙම බලඇණිය, කාන්තා නිලධාරීන් දෙදෙනෙකු සහ ගුවන් කාන්තාවන් පස් දෙනෙකු ඇතුළුව සමස්ත සාමාජිකයින් 110 දෙනෙකුගෙන් සමන්විත වේ.
එමෙන්ම, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීන් සාර්ථකව නිම කළ 10 වන බලඇණියට අයත් ගුවන් හමුදා සාමාජිකයින් 94 දෙනෙකු ද අද දින යළි දිවයිනට පැමිණෙන ලදී.
පිටත්ව යන කණ්ඩායමට සුභ පැතුම් එක් කිරීමට සහ පැමිණි කණ්ඩායම පිළිගැනීමට ගුවන් හමුදා සැලසුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පවුල්වල සාමාජිකයින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජාත්‍යන්තර සාම සාධක මෙහෙයුම් සඳහා දක්වන දායකත්වය මෙමගින් තවදුරටත් තහවුරු වේ.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස් ශිෂ්ඨ සම්පන්න ලෙස මෙහි ඇතුළත් කරන්න. වෙළඳ දැන්වීම් හෝ ලින්ක් ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබගේ අදහස් අනුමත වූ පසු අඩවියේ පළ කරනු ලැබේ.