මඩකලපුවෙන් ස්වීඩන් නිෂ්පාදිත රොකට් ලෝන්චර් 3ක් සොයාගැනේ

0
Three rusted green rocket launchers are arranged on a blue surface, showcasing their worn condition.

මඩකලපුව, කුඩුම්බිමලෛ ප්‍රදේශයේ පොළොව යට වළ දමා තිබූ ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් ලෝන්චර් (Rocket Launcher) වර්ගයේ ගිනිඅවි 3ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් සමත් වී තිබේ.

යුද හමුදා බුද්ධි අංශ වෙත ලැබුණු විශේෂ තොරතුරක් මත ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම කුඩුම්බිමලෛ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක සිදු කර ඇත. එහිදී පොළොව යට වළ දමා තිබූ මෙම රොකට් ලෝන්චර් ත්‍රිත්වය හමුවී ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඒවා වාලච්චේන පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Tags:

Post a Comment

0 Comments

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස් ශිෂ්ඨ සම්පන්න ලෙස මෙහි ඇතුළත් කරන්න. වෙළඳ දැන්වීම් හෝ ලින්ක් ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබගේ අදහස් අනුමත වූ පසු අඩවියේ පළ කරනු ලැබේ.

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!