පෙරවරු 9.00ට කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන උත්සවයේදී කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පූර්ණ නිවාස හානි වූවන් සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලින් පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20ක් බැගින් ප්‍රදානය කෙරේ. එසේම හානියට පත් සියලු ව්‍යාපාරික ස්ථාන සඳහා රුපියල් ලක්ෂ 02ක ක්ෂණික සහන දීමනාවක් ද පිරිනැමේ.
හෙට දින ආරම්භ වන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති:
- මහයියාව උමං මාර්ගය: මහනුවර - යාපනය (A-009) ප්‍රධාන මාර්ගයේ තදබදය අවම කිරීමට.
- ගැටඹේ ගුවන් පාලම: දිගු කලක් නතර කර තිබූ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම.
- නැවත පදිංචි කිරීම්: නාය යෑම් අවදානම් පවුල් සඳහා නියංගොඩ ප්‍රදේශයේදී ඉඩම් ප්‍රදානය.

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස් ශිෂ්ඨ සම්පන්න ලෙස මෙහි ඇතුළත් කරන්න. වෙළඳ දැන්වීම් හෝ ලින්ක් ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබගේ අදහස් අනුමත වූ පසු අඩවියේ පළ කරනු ලැබේ.