පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රෝහල්ගත කෙරේ - ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ නවතම තත්ත්වය

0

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වන විට රෝහල්ගත කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමාසාරිස් ඒ. සී. ගජනායක මහතා ප්‍රකාශ කළේ බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ උන්වහන්සේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා රුධිර පරීක්ෂණයක් ද සිදු කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ ඇති වූ ගැටලුකාරී සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා හතර නමක සහ තවත් සැකකරුවන් හය දෙනෙකු එළඹෙන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය මීට පෙර නියෝග කර තිබුණි.


Tags:

Post a Comment

0 Comments

මෙම පුවත පිළිබඳ ඔබේ අදහස් ශිෂ්ඨ සම්පන්න ලෙස මෙහි ඇතුළත් කරන්න. වෙළඳ දැන්වීම් හෝ ලින්ක් ඇතුළත් කිරීමෙන් වළකින්න. ඔබගේ අදහස් අනුමත වූ පසු අඩවියේ පළ කරනු ලැබේ.

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!