NGO කල්ලියකට මහින්ද අමතයි – Lanka Hit Gossip [Sinhala]

0
72


මාර්තු 12 ව්‍යාපාරය සාමාජිකයන් ‍අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහා හමුවක් ඊයේ සිදුවිය.

අරලියගහ මන්දිරයේදී පැවති මෙම හමුවේදී ඔවුන් කියා සිටියේ තම ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ පිරිසිදු දේශපාලනයක් වෙනුවෙන් 2015 වසරේදී බවයි.

අගමැතිවරයා ඊට ප‍්‍රතිචාර ලෙස කියා සිටියේ ගත වූ වසර හතරක් පුරා බලාපොරොත්තු වූ පිරිසිදුකම ලැබුනේද යනුවෙනි. තමන්ගේ නියෝජිතයන්ද පාර්ලිමේන්තුවේ සිටි බවද අගමැතිවරයා සඳහන් කළා.

හංගාගෙන කතා කිරීමේ කිසිදු උවමනාවක් නැතැයි ද කෙලින් කතා කිරීම සුදුසු යයිද එහිදි අගමැතිවරයා පැවසීය.

පසුව එම ව්‍යාපාරියේ කැදවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය වෙත කියා සිටියේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජිතයන්ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එක් කරන නොගන්න බව අගමැතිවරයා සඳහන් කළ බවයි.

එමෙන්ම දක්ෂතාවයන් ඇති සහ දැක්මක් ඇති පිරිසක් ලැයිස්තුවලට ඉදිරිපත් කිරීමට ඉල්ලා සිටි බව ද ඔහු පැවසීය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here