Lanka Lead News – ලංකාවට යුද අපරාධ චෝදනා කළ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් NGO නඩයක් සමග ගෝඨාගේ වත ගොත හොයයි

0
24


August 14, 2019 7:12 am | Lanka Lead News

ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක හමුදා ප‍්‍රධානීන් 65 කට යුද අපරාධ චෝදනා එල්ල කෙරෙන ජිනීවා යෝජනාව ඉදිරිපත් කිරීමට මුල් වූ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයකු වන ඇලිස් වෙල්ස් මහත්මිය මෙරටදී රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් හමුවී රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.

ඇය මෙවර ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා හමුවීමෙන් වැළකී තිබේ.

ශී‍්‍ර ලංකාව යුද අපරාධ සිදු කළ බව දක්වමින් ඇය ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ශී‍්‍ර ලංකාව යොමු කර තිබිණි.

ආරංචි මාර්ග තවදුරටත් දැක්වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂක ලෙස නම් කිරීමේ සිද්ධිය සහ ඔහුට ජනතා සහාය තිබේද යන්න ගැන ඇලිස් වේල්ස් රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියකුගෙන් තොරතුරු විමසා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here