රටේ නායකයා තෝරාගැනීමේ අවස්ථාවේදී මෙරට මහා සංඝරත්නයේ හඬට ඇහුන්කම්දී තීරණ ගන්නා ලෙස අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මා ඔය ශ්‍රී විජය සුනන්දාරාමයේ ඉදි කෙරෙන ප්‍රතිමාවකට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළේය.
මෙවරද සිංහල ජාතිය මැතිවරණයේ දී දෙකට වන බවත් සුළු ජාතීන් ඉල්ලන වරප්‍රසාද සියල්ල ලබා දෙමින් ඔවුන්ගේ පිහිටෙන් රාජ්‍ය පාලනයකට යාමට සිදුවන බවත් ඒ හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඒ සඳහා අවශ්‍ය අණ පනත් මේ වන විට සකස් වෙමින් පවතින බවත් බෝම්බ ප්‍රහාරයෙන් පසුවත් විවිධ අවි ආයුධ හමුවු පසුවත් තවමත් අපි ආරක්ෂිතව සිටීයැයි සිතීමට යොමුව ඇති බවත් උන් වහන්සේ පෙන්වා දුන්නේය.
භික්ෂුන් වහන්සේලා ලෙස කැප කිරීමක් සිදු කිරීමට අනිවාර්යයෙන් බැඳී සිටින බවත් මහා සංඝරත්නයේ හඬට සවන් දී රට වෙනුවෙන් කැප වෙන ලෙසත් පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ඉල්ලා සිටියේය.