Lanka Lead News – මැදගොඩ අභයතිස්ස හිමියන් කළ අනාවරණය ගැන CID පරීක්ෂණයක් (Video)

0
42


July 9, 2019 3:13 am | Lanka Lead News

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් නුගේගොඩ පැවති “වහබ් අන්තවාදයට එරෙහි ජනතා රැළියේදී” සිදු කළ අනාවරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

නීතිවිරෝධී ෂරියා නීතිය අනුව නඩු අසා කාත්තන්කුඩි ප්‍රදේශයේ මනුශ්‍ය ඝාතන විස්සක් පමණ සිදු කර ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ  “වහබ් අන්තවාදයට එරෙහි ජනතා රැළියේදී” අනාවරණය කළහ.

මානව හිමිකම් කොමිසමට කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් වැසියකු විසින් යොමු කරණ ලද වාර්තාවක මේ බව සඳහන් වන්නේ යයිද උන්වහන්සේ පැවසූහ.

පොලියට මුදල් දීම, රජයට ඔත්තු දීම, ගණිකා වෘත්තියේ යෙදීම, කාඩ් සෙල්ලම් කිරීම, හමුදාවේ සාමාජිකයෙකු වී සිටීම යන චෝදනාවන් සදහා මොවුනට දඩුවම් පමුණුවා ඇති බවත්,  මේ සම්බන්ධයෙන් අදාළ තොරතුරු සියල්ල තමන් සතු බවත් උන්වහන්සේ කීහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here