Blue Mountain හිමිකරුට තවමත් නීතිය ක්‍රියාත්මක කළ නොහැකි ද?

0
29


COLOMBO (News 1st) – දේපළ වෙළෙඳාමේ මුවාවෙන් Blue Mountain නමැති සමාගම සිදු කර ඇතැයි කියන මහා පරිමාන මූල්‍ය වංචා පිළිබඳව අපි පසුගිය දින කිහිපයේම අනාවරණය කළෙමු.

ඉන් අගතියට පත් තවත් තරුණයෙකු පිළිබඳ කතාවක් මේ.

Blue Mountain සමාගම ප්‍රදේශ ගණනාවක ඉඩම් අලෙවි කිරීමේදී බරපතළ මූල්‍ය වංචා සිදු කර ඇතැයි චෝදනා නැගේ.

ඔවුන් බොහෝ අවස්ථාවල සිදු කර ඇත්තේ අදාළ දේපළ බැංකුවලට උකස් කර ණය ලබා ගෙන අනතුරුව ඒවා ජනතාවට විකුණා අවසානයේ දේපළත් මුදලත් අහිමි කිරීම ය.

මේ අයුරින් වංචා සහගත ලෙස අලෙවි කර තිබූ පිළියන්දර වී.වී.අයි.පී. ලෙස නම් කර ඇති ඉඩමෙන් අදාළ තරුණයා ඉඩමක් මිලදී ගන්නේ මීට වසර 2කට පෙර ය.

මාස 9කින් සියලු මුදල් ගෙවා නිම කළත් මේ දක්වා ඔහුට ඉඩමට හිමි ඔප්පුව ලැබී නොමැත.

අනතුරුව අවස්ථා කිහිපයකදී ඔප්පුව ඉල්ලා Blue Mountain ආයතනයට පැමිණි ඔහුට හැම විටම ලැබුණේ ඔප්පු ලබා දෙන බවට වූ පොරොන්දු ලිපි පමණි.

අවසානයේ ඔහු Blue Mountain අධිපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා හමුවේ.

එහදී ආයතනයේ සභාපතිවරයා ඔහුට පවසා ඇත්තේ, ඉඩම සඳහා හිමි ඔප්පුව දීමට හැකියාවක් නොමැති බව ය.

පසුව ඔහු තමන් ගෙවූ මුදල් සභාපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර එහිදී ඔහුට චෙක් පත් 05ක් ලබා දී තිබේ.

ඒ, බොරැල්ලේ පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුමකට අදාළව ය.

නමුත් ඉන් මුදල් ගැනීමට නොහැකි වූ බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඊට හේතුව එම චෙක් පත් සඳහා මුදල් ගෙවීම් ගිණුම් හිමියා විසින්ම අත්හිටුවා තිබීමයි.

මෙම බැංකු ගිණුම Blue Mountain ආයතනයේ නමින් ක්‍රියාත්මක වුණ ද මෙම ගිණුම හා කටයුතු කරන්නට බලය ලබා දී ඇත්තේ Blue Mountain මහ මොළකරුට හා ඔහුගේ බිරිඳට පමණක් බව මේ වන විට පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මේ ආකාරයට අසාධාරණයට ලක්ව ඇත්තේ මොහු පමණක් නොවන වග අප පසුගිය දිනවල වාර්තා කළ පුවත් අනුව පෙනී යන්නකි.

එමෙන්ම දිනකට අප වෙත ලැබෙන විශාල දුරකතන ඇමතුම්වලින් ද එය සනාථ වේ.

දේපළ ගනුදෙනු සම්බන්ධයෙන් නිසි නියාමනයක් සිදු කිරීමට තවමත් රජයට හැකියාවක් නොමැති ද?

මෙවැනි මහා පරිමාණ වංචාවක් සිදු කළ Blue Mountain ආයතනයේ හිමිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ නොහැකි ද?

උණුසුම් පුවත්



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here