ATM යන්ත්‍රවලින් දත්ත සොරාගත් සංවිධානාත්මක විදෙස් කණ්ඩායම රිමාන්ඩ්

0
87


ATM යන්ත්‍රවලින් දත්ත සොරාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි විදෙස් ජාතිකයන් පස් දෙනා නොවැම්බර් මස 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

බණ්ඩාරමුල්ල, මිරිස්ස ප්‍රදේශයේ දී ATM යන්ත්‍රයක දත්ත සොරාගත් මොවුන්ට චෝදනා එල්ලවීමෙන් පසුව පොලිස් අත්අඩංගුවට පත්විය.

සැකකරුවන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියෝග කළේය.

පෝලන්ත ජාතිකයන් තිදෙනෙක්, එස්ටෝනියානු සහ බල්ගේරියානු ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here