2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට්? | දිනමිණ

0
62


ලොස් ඇන්ජලීස් නුවරදී 2028 වසරේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබේ.

එම්.සී.සී (මාර්ලිබෝන්) ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති මයික් ගැටින් මහතා පවසන්නේ එම්.සී.සී කමිටුව සහ අයි.සී.සී ප්‍රධාන විධායක නිලධාරී මනු ස්විහ්නි මහතා සමග ලෝඩ්ස් හිදී පසුගියදා පැවැති කමිටු රැස්වීමකදී මේ පිළිබඳ අදහස් යොමුවූ බවයි.

ඔහු ඒ පිළිබඳ දැඩි බලාපොරොත්තුවකින් පසුවන බවත් පවසා ඇති ගැටින් මහතා මේ වනවිට අයි.සී.සී. ය ප්‍රධාන වශයෙන් මේ අරමුණ වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවත්, ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් කර ගැනීමට හැකිවුවහොත් එය ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය මට්ටමට ගෙන ඒම සඳහා විශාල ශක්තියක් වනු ඇති බවත් පෙන්වා දෙයි.

ඉදිරි මාස 18ක කාලයක මේ සඳහා තීරණාත්මක කාලයක් වනු ඇති බවද ඔහු කියා සිටී.

මේ අතර මේ රැස්වීමේදී ශ්‍රී ලංකාව කෙරෙහිද විශේෂ අවධානයක් යොමුවී තිබේ. ඒ පසුගියදා එල්ල වූ පාස්කු ප්‍රහාර හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා මෙරට පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳවයි. එහි කමිටු සාමාජික ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර මෙහිදී පවසා ඇත්තේ එම ප්‍රහාරයෙන් පසු යළි ගොඩගැනෙන ශ්‍රී ලංකාව වැනි රටවල ක්‍රිකට් ක්‍රීඩාවට සහාය දැක්වීම අතිශය වැදග් බවයි. ක්‍රිකට් ක්‍රීඩාවට රටක් එක්සත් කිරීමට බලය ඇති බවත්, ඉදිරියේ පැවැත්වෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ප්‍රේක්ෂකයන්ට සැමරීමට ලොකු අවස්ථාවක් ඇති බවත් ඔහු එහිදී පවසා තිබේ. බංග්ලාදේශය සහ නවසීලන්තය වැනි රටවල් මේ වනවිට ශ්‍රී ලංකාවේ සංචාරය කර අති බව සිහිපත් කළ සංගක්කාර ශ්‍රී ලංකා සංචාරය සඳහා හොඳම රටක් බවත් අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක, තරග විනිසුරු කුමාර් ධර්මසේනද මෙහි සාමාජිකත්වය උසුලයි. ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලුම නීතී රීති සම්පාදනය කිරීමේ බලය හිමිව තිබෙන්න මේ මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here