ෆින්ලන්තයේ වෙරළ තීරයක් බිත්තර හැඩැති අයිස් බෝලවලින් වැසෙයි

0
100


දුර්ලභ කාලගුණික තත්ත්වයක ප්‍රතිඵලයක් ලෙස ෆින්ලන්තයේ වෙරළ තීරයක් බිත්තර හැඩැති අයිස් බෝල දහස් ගණනකින් ආවරණය වී තිබේ. ෆින්ලන්තය සහ ස්වීඩනය අතර පිහිටි බොත්නියා මුහුදු බොක්ක ආශ්‍රිතව පිහිටි හයිලුඕටෝ දූපතට වැටී තිබූ අයිස් බිත්තර පිළිබඳව විශේෂඥයන් පවසන්නේ, කුඩා අයිස් කැබලි සුළඟේ සහ ජලයේ පෙරැළීමෙන් සිදුවන දුර්ලභ ක්‍රියාවලියක් මේ තත්ත්වයට හේතු වී ඇති බවය. මෙවැන්නක් තමන් මීට පෙර කිසි දිනෙක දැක නැති බව හයිලුඕටෝ දූපත ආසන්නයේ පිහිටි ඔවුලු නගර වැසියෝ පවසති. මීටර් 30ක පමණ භූමි ප්‍රමාණයක් අයිස් බෝලවලින් වැසී තිබූ අතර කුඩාම අයිස් බෝල බිත්තරයක ප්‍රමාණයෙන් යුක්ත වූ අතර විශාලතම ඒවා පාපන්දුවක් තරම් විශාල විය. මීට පෙර රුසියාව සහ චිකාගෝහි මිචිගන් විල ඇතුළු ස්ථාන කිහිපයකින් මීට සමාන සිද්ධි වාර්තා වී තිබේ.

2016 වසරේදී සයිබීරියාවේ නයිඩා ප්‍රදේශයේ වැසියන් පිරිසක් කිලෝමීටර් 18ක පමණ භූමි ප්‍රමාණයක් වැසී තිබුණු විශාල ප්‍රමාණයේ අයිස් බෝල දැක තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here