ළමා අපයෝජන චෝදනාවට එජා සංවිධානයේ හිටපු නියෝජිතට නේපාලයෙන් වසර 16ක සිර දඬුවම්

0
79


ළමා අපයෝජන චෝදනා එල්ල වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජිතයකු හට නේපාලයේ දී වසර 16ක සිර දඬුවමක් නියම විය.

කැනේඩියානු ජාතික පීටර් ජෝන් නමැති 62 හැවිරිදි ඔහුට නේපාලයේ 14 හැවිරිදි සහ 12 හැවිරිදි ළමුන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී තිබුණි.

ඒ සඳහා වරදකරු කරමින් ඔහුට වසර 16 ක සිර දඬුවමක් නියම කර ඇති එරට අධිකරණය ළමුන් දෙදෙනාට නේපාල රුපියල් ලක්ෂ 5 බැඟින් වූ වන්දියක් ද ගෙවීමට නියම කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතන රැසක කටයුතු කර ඇති පීටර් ජෝන් ළමා අපයෝජන චෝදනාවට අදාළව 2018 වසරේ අප්‍රේල් මාසයේ කත්මණ්දු නුවර දී අත්අඩංගුවට ගැනිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here