හෙට රාත්‍රී 12 සිට පැය 24ක දුම්රිය වර්ජනයක්

0
47


හෙට (27) මධ්‍යම රාත්‍රියේ සිට 28වනදා මධ්‍යම රාත්‍රිය දක්වා පැය 24ක දුම්රිය වර්ජනයක් දියත් කරන බව වෘත්තීය සමිති අවධාරණය කරයි.

ඒ අනුව සේවක ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් සතියකට වරක් සෑම බ්‍රහස්පතින්දාවකම මධ්‍යම රාත්‍රියේ සිට සිකුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා පැය 24ක වැඩ වර්ජනයක් සිදුකරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

දුම්රිය ස්ථානාධිපති, දුම්රිය නියාමක, එන්ජින් රියදුරු, අධීක්ෂණ සේවා නිලධාරීන් සහ පාලකවරුන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතා විසඳා ගැනීමේ අරමුණෙන් මෙම වර්ජනය දියත් කිරීමට නියමිතය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here