හිටපු පළාත් සභා මැති ඇමතිවරුන්ට තීරුබදු රහිත වාහන ගෙන්වීමට ජවිපෙ විරෝධය

0
14


හිටපු පළාත් සභා මැති ඇමතිවරු ඇතුළු මන්ත්‍රීවරු 418කට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීමේ ආණ්ඩුවේ උත්සාහයට විරෝධය පල කරන බව ජනත විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

ඒ මහතා පවසන්නේ මේ වනවිට ඌව පළාත් සභාව හැර අනෙකුත් සියලුම පාළාත් සභාවල කාලය අවසන්වී ඇති මොහොතක මෙලෙස එම මන්ත්‍රීවරුන්ටද ඇමතිවරුන්ටද ඇතුළුව තීරුබදු රහිත වාහන සඳහා ජනතා මුදල් අමු මුවේ නාස්ති කිරීම බරපතල අපරාදයක් බවයි.

මහජන නියෝජිතයන්ගේ සුඛවිහරණය උදෙසා කෝටි ප්‍රොකෝටි ගණනින් ජනතා මුදල් නාස්ති නොකර රටේ සංවර්ධනය උදෙසා ඵලදායි ලෙස එම මුදල් යොදා ගන්නා ලෙසද ඒ මහතා අවධාරණය කරයි.

අවම වශයෙන් අඩු පහසුකම් සහිත පාසල්වල දියුණව සඳහා හෝ මෙම මුදල් යෙදවිය හැකි බව පෙන්වා දෙන මහින්ද ජයසිංහ මහතා අවධාරණය කරන්නේ මැතිවරණයක් අභිමුව සිට මෙලෙස තීරුබදු රහිත වාහන ගෙන්වා දීම එක් පැත්තකින් මැතිවරණ අල්ලසක්ද විය හැකි බවය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here