හංවැල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට – තවත් අයෙක් රෝහලේ

0
26


හංවැල්ල, ඉඹුල්ගම මංසන්ධියේදී වෑන් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකුට තුවාල සිදුව ඇතැයි වාර්තා වේ.

අද(15) පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ. පසුව බරපතල තත්වයේ පසුවූ එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර අනෙක් තුවාලකරු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධව පොලීසිය හා ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර ඇත.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here