සුරේන් බටගොඩ කෝප් කමිටුව මගහැරියේ දේශපාලකයින්ගේ නම් හෙලිකිරීමට සිදුවන නිසායි

0
32


විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා කෝප් කමිටුව මඟ හැරීමට හේතුව, දේශපාලනඥයින් රැසකගේ නම් හෙලිකිරීමට සිදුවීම බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා පවසයි.

අඟුරු ජෙනරේටර් 50ක් මිලදී ගැනීම, හදිසි අවස්ථා යටතේ විදුලිය මිලදී ගැනීම ආදී කටයුතු රැසකදී සිදුව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතාට පසුගිය දා(23) කැඳවීමක් සිදුකර තිබිණි.

ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා වැඩිදුරටත් පවසා සිටියේ දේශපාලනඥයින් විසින් ලේකම්වරයා ආරක්ෂා කරමින් සිටින බවය.

ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ විදුලිබල අමාත්‍යාංශය තුළ බරපතල දූෂණ සහ වංචා ප්‍රමාණයක් සිදුව ඇති බවත් දැනට ද එවැනි වංචා සිදුවෙමින් පවතින බවත් ය. ඒ සම්බන්ධව කෝප් කමිටුව හමුවේ තම නිර්දෝශීභාවය පෙන්වීමට නම් දේශපාලනඥයන් රැසකගේ නම් හෙලි කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයාට සිදුවන බව ද රංජන් ජයලාල් මහතා පැවසීය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here