ස්ටොයිනිස් අද තරගයට නෑ | දිනමිණ

0
41


ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු පිලේ තුන්ඉරියව් ක්‍රීඩක මාකස් ස්ටොයිනිස් අද (12) පාකිස්තානය සමග පැවැත්වෙන තරගයෙන් ඉවත්කර තිබේ. ඔහු ලෝක කුසලාන තරගමාලාවෙන් ඉවත් නොකළද, තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් එංගලන්තය බලා පිටත් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ස්ටොයිනිස් ආබාධයට ලක්වූයේ ඉන්දීය පිල සමග ඕවල් පිටියේ පැවැති තරගය අතරතුරදීය. කෙසේවෙතත් ඔහුගේ ශාරිරික යෝග්‍යතාව පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පසුව ඔහු තවදුරටත් තරගමාලාව තුළ තබාගන්නේදැයි යන්න ඔස්ට්‍රේලියානු පිලේ කළමනාකාරිත්වය තීරණය කරනු ඇත. අයි.සී.සී. නීතිරීති අනුව තරගමාලාවෙන් ඉවත් කළ ක්‍රීඩකයකු ශාරිරික යෝග්‍යතාව ඉහළ මට්ටමකට පැමිණීමෙන් පසුව වුවත් නැවත කණ්ඩායමට ඇතුළත් කිරීමට නොහැකිය. එබැවින් ස්ටොයින්ස්ගේ ආබාධ තත්ත්වය සම්බන්ධව ඔස්ට්‍රේලියානු පිලේ කළමනාකාරීත්වය පරිස්සම් සහගතව කටයුතු කරමින් සිටි.

ඉන්දියාව සමග පැවැති තරගයේදී ස්ටොයිනිස් ලකුණු 62කට කඩුලු 2ක් දවාලූ අතර මහේන්ද්‍ර සිං දෝනි දවාලීමට කදිම උඩපන්දුවක් ඔහුගේම පන්දුවකට ලබාගත් අතර විරාත් කෝලි ලකුණු 82ක් ලබා සිටියදී පැට් කමින්ස් අතට උඩපන්දුවක් ලබාදී ආපසු ක්‍රීඩාගාරයට ගියේ ද ඔහුගේ පන්දුවකටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here