සළුසල වන්දි ගෙවීමට දුන් ලක්ෂ 75ක් අතුරුදහන්

0
7


ලංකා සළුසල ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් සේවයෙන් ඉවත් වූ සේවකයන්ට වන්දි ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් වෙන් කළ රුපියල් කෝටි 34ක් අතුරින් රුපියල් ලක්ෂ 75ක මුදලට සිදුවූයේ කුමක්දැයි මේ වනතෙක් කිසිවෙකුන් නොදන්නා බව එහි සභාපති හේමන්ත ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී අනාවරණය වී තිබේ.

සළුසල ආයතනයෙන් වන්දිගෙවීමේ පදනම යටතේ 2017 ජුලි 31 වැනිදා සිට සේවයෙන් ඉවත් වූ සේවකයෝ 217ක් අතුරින් 76 දෙනකුට වසර තුනක් තිස්සේ සේවක අර්ථසාථක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට තවමත් නොහැකිවී ඇතැයිද හේමන්ත ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙම සේවකයින්ට වයස අවුරුදු 55 සම්පූර්ණ නොවීම නිසා මෙම තත්ත්වය උද්ගතවී ඇති බවත් සේවයෙන් ඉවත් වීමට ලබා දුන් චක්‍රලේඛයේ ඒ බව සඳහන් නොවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

දැනට වසර තුනක පමන කාලයක් පුරා එම සේවකයින් අදාල ප්‍රතිලාභ ලබා ගැනීමට දැඩි වෙහෙසක් දරණ බවත්  ඇතැමුන් සිත් වේදනාවෙන්ම මියගිය බවත් ඒ මහතා පෙන්වා දෙයි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here