සහරාන් සමඟ අවි පුහුණුව ලබා ඇති බවට සැකපිට තරුණයෙකු මහරගමදී අත්අඩංගුවට

0
14


අප්‍රේල් 21 ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලබා ඇති බවට සැකකෙරෙන තරුණයෙකු අද(12) මහරගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් තාජුදීන් ආෂික් අහමඩ් නැමති 20 හැවිරිදි තරුණයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ සම්බන්ධව සඳහන් කර ඇත්තේ නාවික හමුදා බුද්ධි අංශයේ සහය ඇතිව මොහු අත්අඩංගුවට ගත් බවත් සැකකරු ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් ය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here