‘සන්ක්වික්’ ජාතික බීච් වොලිබෝල් ලබන මස 20දා සිට මීගමුව වෙරළේදී

0
108


ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සන්ක්වික් ඇනුග්‍රහයෙන් වාර්ෂිකව සංවිධාන කරන සන්ක්වික් ජාතික බීච් වොලිබෝල් තරගාවලිය දෙසැම්බර් 20, 21 හා 22 යන දිනවල මීගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වෙයි. තරගාවලිය විවෘත, 20න් පහළ හා 25න් පහළ යන අංශවලින් පැවැත්වේ. මෙහිදී සදහා කාන්තා – පිරිමි අංශ දෙකෙන්ම තරග පැවැත්වීමට සූදානම් කොට ඇත.

සන්ක්වික් ආයතනය තරගාවලියේ ජයග්‍රාහකයන්ට ආකර්ෂණීය ත්‍යාග රැසක් ලබාදෙන අතර එහිදී පළමු කණ්ඩායම් 8ට පැමිණෙන සියලුම කණ්ඩායම්වලට මුදල් ත්‍යාග ද, ශූරතාව, අනු ශූරතාව හා තෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම්වලට පදක්කම් සහ කුසලාන පිරිනැමේ. එයට අමතරව සියලු වයස් කාණ්ඩවල දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග සමඟ කුසලාන පිරිනැමීමට කටයුතු යොදා ඇත.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පෙරේදා ඔලිම්පික් නිවහනේදී පැවැති අතර එහිදී සන්ක්වික් ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා “මේ තරගාවලියෙන් පසු බීච් වොලිබෝල් ක්‍රීඩාව තවදුරටත් ප්‍රචලිත කරන්න පාසල් මට්ටමේ හා වෙළෙඳ සේවා අංශවල තරගාවලියක් සංවිධාන කිරීමට අපේක්ෂා කරනවා. තවත් වසර ගණනක් ඉදිරියට යාම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සමඟ අපි අවබෝධතා ගිවිසුමක් අපි අස්සන් කළා. මේ තරගාවලියට කණ්ඩායම් 200ක් පමණ සහභාගී වෙනවා” පැවැසීය.

25න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1995 ජනවාරි 01 වන දින හෝ ඊට පසු උපත ලබා තිබිය යුතු අතර වයස 20න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1995 ජනවාරි 01 වන දින හෝ ඊට පසු උපත ලබා තිබිය යුතුබව මාධ්‍ය හමුවේ සදහන් වුණි. ජාත්‍යන්තර වොලිබෝල් නීතිරීති හා ආසියානු වොලිබෝල් සම්මේලනයේ නීතිරීති වලට අනුව තරගාවලිය සංවිධාන වේ.

දෙසැම්බර් 15 වැනිදාට පෙර අයැදුම්පත් තරග ලේකම්, සන්ක්වික් ජාතික බීච් වොලිබෝල් තරගාවලිය 2019, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අංක 33,ටොරින්ටන් පෙදෙස, කොළඹ 07 ලිපිනයට හෝ [email protected] විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු වේ.

ඡායාරූපය – රංජිත් අසංක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here