ශ්‍රී ලංකාවට T20 තරඟයෙන් විශිෂ්ඨ ජයක්

0
38


පාකිස්තානයට එරෙහිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඊයේ (9) පැවැති තෙවැනි T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයෙන් ලකුණු 13ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව, දෙරට අතර පැවැති T20 තරගාවලිය 3-0 ක් ලෙස විශිෂ්ඨ අන්දමින් ජයගැනීමට සමත් විය. තවද පකිස්ථානය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ ප්‍රථම ජාත්‍යන්තර T20 තරඟාවලි ජයග්‍රහණය ද මෙය වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් නොමැතිව, නවකයන් රැසකගෙන් සමන්විතව T20 අංක එකේ කණ්ඩායම වූ පකිස්තානය පරාජය කිරීමට සමත් වීම මේ වසර තුළදී ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් විය.

මෙම තරඟාවලිය ජයග්‍රහනයත් සමග ශ්‍රී ලංකාන ප්‍රසාද ලකුණු 237ක් ලබා ගනිමින් ශ්‍රේණිගතකිරිම් වල ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව මේ වනවිට T20 ශ්‍රේණිගතකිරිම් වල ඉදිරියෙන්ම සිටින T20 කණ්ඩායම් හත පිළිවෙලින් පකිස්තානය, එන්ගලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ලංකාව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here