ශ්‍රී ලංකා‘ඒ’-බංග්ලදේශ ‘ඒ’ එක්දින තරගාවලිය අද ඇරැඹේ

0
61


සංචාරක බංග්ලාදේශ ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය අද (9) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. මින් පෙර රටතුළ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ තරග 3ම සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබිණි. එහෙත් පසුව එක්දින තරගාවලිය කොළඹ දී පැවැත්වෙන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අශාන් ප්‍රියංජන්ගේ නායකත්වයෙන් තරග වදින අතර මොමිනුල් හක් බංග්ලාදේශ කණ්ඩාය මෙහෙයවයි.

මේ කණ්ඩායම් දෙක අතර නිමාවු තරග 2කින් සමන්විත සිවුදින තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට එක්ව සිටි පැතුම් නිශ්ශංක, රමේෂ් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අශේන් බණ්ඩාර, ශිරාන් ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ප්‍රියමාල් පෙරේරා, විශ්ව ප්‍රනාන්දු ජෙෆ්රි වැන්ඩසේ සහ ළහිරු උදාර එක්දින සංචිතයටත් එක්ව සිටිති.

ඊට අමතරව අසේල ගුණරත්න, සඳුන් වීරක්කොඩි, ශම්මු අශාන්, ඉෂාන් ජයරත්න සහ අමිල අපෝන්සු මේ එක්දින තරගාවලියට කැඳවා තිබේ.

අසේල ගුණරත්න 2017 වසරේ ඇතිවූ ආබාධයකින් අනතුරුව අවසන් වරට මේ වසරේ ජනවාරි මාසයේදී නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේ දී එක්දින තරගාවලියට එක්වූ අතර තරග 2කදී ඔහුට රැස්කරගත හැකිවූයේ ලකුණු 17ක් පමණි.

දෙපිල අතර දෙවැනි සහ තෙවැනි එක්දින තරගය හෙට (10) සහ 12 වැනිදා මේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වේය.

ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින සංචිතය –

අශාන් ප්‍රියන්ජන් (නායක), පැතුම් නිස්සංක, සඳුන් වීරක්කොඩි, ළහිරු උදාර, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, අශේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස්, අමිල අපෝන්සු, ජෙෆ්රි වැන්ඩසේ, විශ්ව ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න, ශිරාන් ප්‍රනාන්දු, ශම්මු අශාන්, අසේල ගුණරත්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here