වොලිබෝල් රන් ඉලක්කයට ශ්‍රී ලංකාවෙන් 28ක කණ්ඩායමක්

0
106


නොවැ 7, 2019 01:00
නිරෝෂාන් ප්‍රියංකර

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වොලිබෝල් ඉසව්ව සඳහා කණ්ඩායම් නම් කරයි.

ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් 14 දෙනකු බැගින් මේ සංචිතයට ඇතුළත්ව ඇති අතර දිප්ති රොමේෂ් රණවක පිරිමි කණ්ඩායමේ නායකයා ලෙසත්, අශානී චමෝදිකා කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කරති.

1987 වසරේ ඉන්දියාවේ කොල්කටා හිදී පැවැති තෙවැනි ක්‍රීඩා උළෙලේදී වොලිබෝල් ක්‍රීඩාව සාග් තරගාවලියට එක්වූ අතර 2016 වසරේ ඉන්දියාවේ අවසන් වරට පැවැති 12 වැනි සාග් තරගාවලියේ රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් සමත්වූහ. එහි රන් පදක්කම් ඉන්දියාව සතුවිය.

මෙවර රන් පදක්කම් දිනා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම්වල ඉලක්කය වී තිබේ. කෙසේ වෙතත් ඒ වෙනුවෙන් ඉන්දියාවට එරෙහිව ප්‍රබල සටනක් දීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.

12 වැනි ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනාගත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට මෙවර සංචිතයට ඇතුළත්ව සිටින රොමේෂ් රණවක, වසන්ත ලක්මාල්, කසුන් චතුරංග, ඉසුරු මධුෂාන්, ජී.ජී.එල්.එම්.වසන්තප්‍රිය සහ මලිත් දිනිඳු එක්ව සිටි අතර ඔවුන් පසුගිය මස ඉරානයේ පැවැති ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියේදීත් ශ්‍රී ලංකා පිලට එක්විණි. ඒ.ඩබ්.ලක්මාල්, ධනුෂ්ක දිල්ෂාන් සහ ෂෙහාන් විමුක්තිද ඉරාන තරගාවලිය නියෝජන කරමින් අත්දැකීම් ලබාගත්හ.

තිළිණි පෙරේරා, හෂිනි සේනාරත්න, රුවනි තක්ෂලා, අශානි ජයතුංග සහ සෙව්මාලි සෙනවිරත්න පසුගිය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම් දිනාගත් කාන්තා කණ්ඩායම නියෝජනය කළ අතර ඔවුන් පසුගියදා කොරියාවේ පැවැති ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලියටද එක්වූහ.

කවීෂා ලක්ෂානි, හෂිනි ලක්ෂිකා, අමානි කෞෂල්‍යා, අනුත්තරා සඳමාලි, අශානී චමෝදිකා සහ දිලුෂා සංජීවනිද ආසියානු තරගාවලියට එක්වුහ.

ජ්‍යෙෂ්ඨ පිරිමි සංචිතය

එච්.දිප්ති රොමේෂ් රණවක, ජී.ජී.එල්.එම්.වසන්තප්‍රිය, කේ.එස්.ලක්ෂාන් කැලණියගේ, එස්.ඉසුරු මධුෂාන්, එච්.පී.මහේෂ් චන්ද්‍රකුමාර, ඩබ්.දිලින සුධාරක, පී.ඒ.ඩී.ඒ.ඩිල්ෂාන් පෙරේරා, එම්.මලිත් දිනිඳු චාමර, බී.එච්.වසන්ත ලක්මාල්, එන්.එස්.කරුණාරත්න, පී.කසුන් චතුරංග ප්‍රනාන්දු, එම්.ධනුෂ්ක දිල්ෂාන් ප්‍රනාන්දු, ඒ.ඩබ්.ලක්මාල්, අයි.ෂෙහාන් විමුක්ති සාගර

නිලධාරීන්-කේ.ආර්.ඩී.චිත්තධම්ම රත්නමුදලි (කළමනාකරු), මැනුවෙල් තෝරෙස් (ප්‍රධාන පුහුණුකරු), එම්.සමන් චන්ද්‍රනාත් (සහාය පුහුණුකරු), එම්.සුසිරි මංගල කුමාර (අභ්‍යාසක)

ජ්‍යෙෂ්ඨ කාන්තා සංචිතය – එම්.එස්.අප්සරා සෙව්මාලි සෙනෙවිරත්න, කේ.තිළිණි වාසනා පෙරේරා, කවිෂා ලක්ෂානි පෙරේරා, එස්.ජී.දිලුක්ෂි හර්ෂනී සේනාවිරත්න, හෂිනි ලක්ෂිකා සේනාරත්න, කේ.එම්.සී.ඒ.වසන්ති, එච්.පී.නිමේෂිකා සෙව්වන්දි ගුණවර්ධන, ජී.ඒ.අමානි කෞෂල්‍යා, ඒ.එල්.ඒ.අනුත්තරා සඳමාලි, ඩබ්.රුවනි තක්ෂලා, ඩබ්.අශානී චමෝදිකා ජයතුංග, කේ.කේ.ඩී.සචිනි චාරුකා, එච්.එච්.දිලුෂා සංජීවනි, ඩබ්.එම්.ජී.ජී.නදුනි හිමංසලා වීරකෝන්

නිලධාරීන් – එස්.ඩබ්.එම්.උපුල් චන්දන විජේසිංහ (කළමනාකරු), රොබේටෝ සෙපෙරෝ (ප්‍රධාන පුහුණුකරු), කේ.ඒ.ජානක ඉන්ද්‍රජිත් (සහාය පුහුණුකරු), අමිල එරංග විජේපාල (අභ්‍යාසක)



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here