විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විශ්වාසභංග විවාදයේදී වචනයක්වත් කතා නොකරයි

0
7


ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ දෙදිනක් පැවති විවාදයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එකඳු වචනයක් හෝ කතා නොකිරීම පිළිබඳව මේ වනවිට සමාජය තුළ දැඩි කතා බහක් ඇතිව තිබේ.

වත්මන් ආණ්ඩුව පත්වූ දා සිට පැවති සෑම අයවැය ඡන්ද විමසීම් අවස්ථාවකදීම මෙන්ම වෙනත් විශේෂ ඡන්ද විමසීම්වලදීද මහින්ද රාජපක්ෂ මහතා එක් අයවැයි අවස්ථාවක ඇර තම ඡන්දය ආණ්ඩුවට විරුද්ධව භාවිතා කර නොතිබූ බැවින් මෙවර ඡන්ද වීමසීමේදී ද ජනතා ඒ දෙස විමසිල්ලෙන් බලා සිටියේය.

මෙවර විශ්වාසභංගයේදී මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට විරුද්ධව සිය ඡන්දය භාවිතා කළ නමුත් ඔහු දෙදින විවාදයේ එකඳු දිනක හෝ විවාදයට සහභාගී නොවීම පිළිබඳව සමාජය තුළ ඇත්තේ දැඩි කතා බහකි.

විවාදය යන අතරතුර මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර හොර රහසේ සාකච්ඡාවක්ද පැවැත්වී තිබිණි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here