වැරදි පාර පෙන්නුවේ පොලිසිය බව හිරුණිකා කියයි

0
107


ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දෙන දින පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් රැඳී සිටි මාර්ගයෙන් මැතිවරණ කොමිෂන් සභාව අසලට පැමිණීම නිසා එහි නොසන්සුන් තත්වයක් හට ගැනිණි.

එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් සඳහා වෙන්කළ මාර්ගය වෙනුවට තමන්ව වැරදි මාර්ගයෙන් එම ස්ථානයට කැඳවාගෙන පැමිණියේ පොලිස් නිලධාරීන් බව ඇය රැස්ව සිටි පිරිස අමතමින් පැවසුවාය.

වසා ඇති මාර්ගය හරහා පා ගමනින් ගොස් මන්ත්‍රීවරියට සිය ආධාරකරුවන් සිටි ස්ථානය වෙත යෑමට පොලිස් නිලධාරීන් ඉඩ සලසා දුන්හ.

විශේෂ අවසර පත්‍රයක් නොමැතිව පා ගමනින් හෝ එම මාර්ගයට ඇතුළු වීමට අවසර දෙන්නේ කෙසේදැයි රැස්ව සිටි පිරිස පොලිස් නිලධාරීන්ගෙන් ද ප්‍රශ්න කරනු දක්නට ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here