වන්නි ආරක්ෂන සේනා ස්කොෂ් ජය 21 වන සේනාංකයට

0
59


වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය සංවිධාන කළ අන්තර් සේනාංක ස්කොෂ් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට 21 වන සේනාංක මූලස්ථාන කණ්ඩායම සමත් විය.

මේ තරගාවලියට වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය සහ ඒ යටතේ පාලනය වන 21, 54, 56, 61 හා 62 සේනාංක මූලස්ථානයන් සමගින් ඉදිරි නඩත්තු පෙදෙස (උ/මැ) වෙතින් ක්‍රීඩා කණ්ඩායම් 7ක් එක්වුහ.

වන්නි ස්කොච් ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේ අවසන් මහ තරගයේදී 62 වැනි සේවා මූලස්ථාන කණ්ඩායම පරාජය කිරීමට 21 වන සේ.මු කණ්ඩායමට හැකිවිය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස 21 වන සේනාංක මූලස්ථානය නියෝජනය කළ 2 (සෙව්) විපාරෙ ඒකකයට අයත් කෝප්‍රල් ඩී.එම්.එස් ජයකොඩි විසින් සම්මාන ලබා ගත්තේය.

තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් එච්.ජේ.එස්. ගුණවර්ධන මහතා සහභාගීවිය.

වවුනියාව මධ්‍යම විශේෂ 
බණ්ඩාර විපුලසේන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here