ලෝක පිලට එරෙහිව මාලිංග-තිසර | දිනමිණ

0
55


බංග්ලාදේශයේ ඩකා නුවරදී ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ ආසියානු කණ්ඩායම අතර විස්සයි20 තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

බංග්ලාදේශයේ ජාතියේ පියා ලෙස සැලකෙන ශෙයික් මුජිබර් රහමාන්ගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන උත්සව මාලාවේ අංගයක් ලෙස මේ විස්සයි20 තරගාවලිය ලබන මස 21 සහ 22 දෙදින ඩකා නුවර ශරේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ සඳහා එක්වන ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත ආසියානු කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනකු පමණක් ඇතුළත්ව ඇති අතර ඉන්දියාවෙන් 6ක්, බංග්ලාදේශයෙන් 5 දෙනෙක්, ඇෆ්ගනිස්තානයෙන් දෙදෙනෙක් සහ නේපාලයෙන් ක්‍රීඩකයකු බැගින් ඇතුළත්ව සිටිති. පාකිස්තාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන හෙයින් එරට ක්‍රීඩකයන් මේ සංචිතයට ඇතුළත්ව නැත.

ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග සහ තිසර පෙරේරා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු සංචිතයට ඇතුළත්ව සිටිති.

ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සමගින් ලෝකේෂ් රාහුල්, ශිකර් ධවාන්, විරාට් කෝලි, රිෂාබ් පාන්ට්, කුල්දීප් යාදව් සහ මොහොමඩ් ශාමි ඉන්දියාව නියෝජනය කරමින් ආසියානු සංචිතයට ඇතුළත්ව ඇති අතර නේපාල ක්‍රීඩකයකු වන 19 හැවිරිදි සන්දීප ලැමිච්චනේ එක්කර තිබීම විශේෂත්වයකි.

ආසියානු කණ්ඩායම – ලෝකේෂ් රාහුල්, ශිකර් ධවාන්, විරාට් කෝලි, රිෂාබ් පාන්ට්, කුල්දීප් යාදව්, මොහොමඩ් ශාමි, තිසර පෙරේරා, ලසිත් මාලිංග, රෂීඩ් ඛාන්, මුජීබ් උර් රහ්මාන්, මුෂ්ටෆිසූර් රහ්මාන්, ටමීම් ඉක්බාල්, මුෂ්ෆිකර් රහීම්, ලිටොන් දාස්, සන්දීප් ලැමිච්චනේ, මහමුදුල්ලා.

ලෝක කණ්ඩායම – ඇලෙක්ස් හේල්ස්, ක්‍රිස් ගේල්, ෆෆ් ඩු ප්ලෙසි, නිකොල්ස් පූරන්, බ්‍රෙන්ඩන් ටේලර්, ජොනී බෙයාර්ස්ටෝව්, කිරොන් පොලාඩ්, ෂෙල්ඩන් කොට්‍රොල්, ලුන්ගි න්ගිඩි, ඇන්ඩෘ ටයි, මිචෙල් මැක්ලෙනගන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here