ලෝක ජිම්නාස්ටික් සංදර්ශන ක්‍රීඩා උළෙලට සහභාගීවන කණ්ඩායම ජනපති හමුවෙයි

0
55


ලෝක ජිම්නාස්ටික් සංදර්ශන ක්‍රීඩා උලෙළට සහභාගීවන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක ඊයේ (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිණි. 16 වැනි වරට පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙල ලබන මස 7 වැනිදා සිට 13 වැනිදා දක්වා ඔස්ට්‍රියාවේ ඩෝන්බර්න් නගරයේදී පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් 30 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වෙයි. සිවුවසරකට වරක් පැවැත්වෙන මේ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගීවන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මේ කණ්ඩායමට ජනාධිපතිවරයා විසින් සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

ඡායාරූපය – සුදත් සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here