ලෝක කුසලාන බලාපොරොත්තුව සුන්වූ ඉන්දියාව

0
36


ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව හා නවසීලන්තය අතර පැවති අවසන් පූර්ව තරඟයෙන් ලකුණු 18ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ඊයේ තරගය නතර කරන විට පන්දු වාර පන්දුවාර 46 යි පන්දු එකකදී කඩුලූ 5 ක් දැවී ලකුණු 211 ක් ලබා සිටි අතර, අද දිනයේ නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 239 ක්.

ඒ අනුව පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 221ක් පමණයි.

විරාත් කෝලි ලෝකේෂ් රාහුල් සහ රෝහිත් ශර්මා නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ දැවී ගියේ එක් ලකුණක් පමණක් ලබා ගනිමින් සිටියදීයි.

රවීන්ද්‍ර ජඩේජා 77ක් ගබා ගත් අතර මහේන්ද්‍රසිං ධෝනිට ගබා ගත හැකි වූයේ ලකුණු 50ක් පමණයි.

මේ අනුව ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර හෙට පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග නවසීලන්තය අවසන් මහා තරගයට පිවිසෙනු ඇති.

ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව හා නවසීලන්තය අතර පැවති අවසන් පූර්ව තරඟයෙන් ලකුණු 18ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ලකුණු 240ක් ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 221 පමණයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here