ලූෂන් පුෂ්පරාජ්-රොෂාන් මහානාම ස්වයං නිරෝධායනයට

0
255


ඉතාලියෙන් පැමිණි ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය මඟ හරිද්දී

ඉතාලියෙන් පැමිණි ශ්‍රී ලාංකිකයන් රැසක් නිරෝධායනය ප්‍රතික්ෂේප කරමින් ජන ජිවිතය දැඩි අවදානමට ලක් කරමින් සිටින පසුබිමක ක්‍රීඩාවෙන් ලොවක් දිනූ සුපිරි ක්‍රීඩකයන් දෙදනෙකු වන රොෂාන් මහනාම සහ ලූෂන් පුෂ්පරාජ් සිය කැමැත්තෙන්ම ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටිති.

අමෙරිකාවේ පැවැති අයි.එෆ්.බී.බී. ආර්නෝල්ඩ් ක්ලැසික් 2020 කායවර්ධන ශූරතාවලියේ සුපර් හෙවිවේට් බර පන්තියෙන් සිවුවැනි ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් සුපිරි කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් පසුගියදා යළි මෙරට පැමිණීමෙන් පසුව දින 14ක කාලයක් සිය නිවෙසට වී ස්වයං නිරෝධායනය වෙමින් සිටී.

ඔහුට කොරෝනා වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වූව ද, තමාගේ සහ පවුලේ සාමාජිකයන්ගේ මෙන්ම සමීපතමයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පුෂ්පරාජ් ඒ සඳහා ඉදිරිපත්වී ඇතැයි වාර්තා වෙයි.

එමෙන්ම පාකිස්තාන සුපිරි ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරයකු ලෙස කටයුතු කරමින් සිටි ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොවක් දිනු විශිෂ්ට පිතිකරු රොෂාන් මහනාම එම තරගාවලිය අවලංගු කිරීමෙන් පසුව යළි ශ්‍රී ලංකාව බලා පැමිණි විගස සිය නිවෙසට වී ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටී.

කොරෝනා වෛරසය ආසාදනය වී ඉතාලියෙන් සිට පැමිණි බොහෝ ශ්‍රී ලාංකිකයන් නිරෝධායන සඳහා අකැමැත්ත ප්‍රකාශ කිරීමත්, ඒ සඳහා යොමු නොවී මඟ හැර යාමට කටයුතු කිරීමත් ජනතා අප්‍රසාදයට ලක්වී ඇති මොහොතක ශ්‍රී ලංකාවට ක්‍රීඩාවෙන් ගෞරවයක් ගෙනදුන් මෙවැනි ක්‍රීඩකයන් ඒ සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත්වීම බොහෝ දෙනකුගේ ප්‍රසාදයට හා ගෞරවයට ලක්වී තිබේ.

 ෆවුස් මොහොමඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here