ලබාදුන් පොරොන්දු ඉටුකරවා ගැනීමට වතු කම්කරුවෝ දැවැන්ත පෙත්සමකට අත්සන් තබයි

0
12


රජය මගින් වතු කම්කරු ජනතාවට ලබාදීමට පොරොන්දු වූ රුපියල් 50ක දෛනික දීමනාව ලබාදෙන ලෙස බල කරමින් ජනතා පෙත්සමක් අත්සන් කිරීම සමස්ත ලංකා වතු කම්කරු සංගමය අද(12) ආරම්භ කර තිබේ.

වතු හාම්පුතුන්ගේ සංගමය, වතු ඒකාබද්ධ වෘත්තීය සමිති සහ රජය පසුගිය දා සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව රුපියල් 750ක මූලික දෛනික වැටුපට අමතරව රුපියල් 50ක දෛනික දීමනාවක් රජය පාර්ශ්වයෙන් ගෙවීමට පොරොන්දු වූ අතර එය පසුගිය මැයි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ඒ. ප්‍රේමරත්න මහතා සඳහන් කර සිටියේ පොරොන්දු වූ වැටුප මෙතෙක් ලැබී නොමැති බවත් දිවයින පුරා සිටින වතු කම්කරු ජනතාව සංවිධානය කර දැවැන්ත පෙත්සමකට අත්සන් ලබාගනිමින් ලබාදුන් පොරොන්දු ඉටුකරවා ගැනීමට රජයට බල කර සිටින බවය.

හැටන් නගරයේ පුංචි බෝධිය අසළට අද එක්වූ වතු කම්කරු ජනතාව මෙම පෙත්සම අත්සන්කිරීම ආරම්භ කළේය. එම අවස්ථාවට සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ් මහතා ද එක්ව සිටියේය.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here