ලක්ෂාන් ප්‍රනාන්දුට රන් පදක්කම් 2ක්

0
44


අගෝ 14, 2019 01:00

තිස්හයවැනි වරට පැවැති වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් ද්විත්වයක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට මාස් හෝල්ඩින්ස්හි සේවය කරන ලක්ෂාන් ප්‍රනාන්දු සමත් විය. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේදී හෙල්ල විසිකිරීම සහ කවපෙත්ත විසිකිරීමේ ඉසව් වලින් පළමු ස්ථානය හිමිකරගත් ඔහු, යගුලිය දැමීමේ ඉසව්වෙන් දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ලක්ෂාන් එහිදීද හෙල්ල විසිකිරීම, යගුලිය දැමීම හා කවපෙත්ත විසිකිරිම යන ඉසව්වලින් ජයග්‍රහණ රැසක් ලබා ඇති ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් 2010 දී විද්‍යාලයේ වසරේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයද දිනාගත් අතර එම වසරේ පාසලේ මලල ක්‍රීඩා නායකයා ලෙසද කටයුතු කර ඇත. ඔහුගේ ක්‍රීඩා කුසලතා ඇගයීමට ලක් කරමින් විද්‍යාලයෙන් පාසල් ක්‍රීඩකයකුට පිරිනැමෙන උසස්ම ප්‍රදානය වන ‘ජොසපියන් බ්ලූ’ සම්මානයද පිරිනමා ඇත.

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්ද වන ලක්ෂාන්, එහිදී සර් ජෝන් ටාබට් කුසලාසනය සඳහා පැවැත්වෙන පාඨශාලාන්තර මලල ක්‍රීඩා තරගවලියන්හිදී එම ඉසව්වලින් දක්ෂතා දක්වමින් විශ් විද්‍යාලීය ක්‍රීඩා වර්ණද දිනා ගැනීමට සමත්ව ඇත. ඔහුගේ මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස පාසල් අවධියේ සිට මේ දක්වාම දිල්රුක් නිලන්ත මහතා කටයුතු කරයි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here