—රාවණා රජතුමාගේ විවේක මාලිගාව— – –හොල්මන් කතා–

0
4


 ජීවිතේ අපිට අහන්න ලැබෙන සමහර කතා ප්‍රබන්ධ වලට වඩා අද්භූතයි.. මේ ඒ වගේ කතාවක්..

මේකට අදාල ප්‍රදේශය තියෙන්නේ රටේ මැදට වෙන්න.. දැනටත් මේ ප්‍රදේශය වනාන්තර
සහ ගස් කොලන් වලින් පිරුණු ප්‍රදේශයක්.. ඒ වගෙම අපේ රටේ පැරණි රජ කෙනෙක්
වුන රාවණා රජතුමාට සම්බන්ධ ප්‍රදේශයක්..මේක මට කියපු පුද්ගලයා මේකට මූණ
දුන්න කෙනෙක්.. ඔහු මීට අවුරුදු 3කට උඩදි මිය ගියා සර්ප දෂ්ටනයකින්.. මේක
වෙලා තියෙන්නේ 1980 ගණන් වලදියි..

ඒ කාලේ ඔහු වයස අවුරුදු 35ක වගේ
තරුණයෙක්.. කැලෑ තියෙන ප්‍රදේශ වල කොයි කවුරුත් කරනවා වගේ ඔහුයි, තව
යාලුවෙකුයි දඩයමේ ගිහින් තියෙනවා ඉත්තෑවෝ හොයාගෙන..
මේ විදියට
හොයාගෙන යනකොට ඔවුන් මීට කලින් ඇවිල්ලා පුරුදු නැති වනාන්තර ප්‍රදේශයකට
ඇව්ල්ලා තියෙනවා.. මේක තැනින් තැන ගල් තියෙන වනාන්තරයක් වගේලු.. ගල් යට
හදපු බෙන වල ඉත්තෑවා හැංගිලා ඉන්න නිසා ඔවුන් සෝදිසි කර කර ගිහින්
තියෙනවා.. ටික දුරක් යනකොට ඔවුන් ඇවිල්ලා තියෙනවා එලිමහන් බිමක් වගේ
තැනකට.. මේ එලිමහන් කොටසේ තිබිලා තියෙනවා ගල් වලින් හදපු මාලිගාවක් වගේ
නටබුන්.. පොඩි එකක් නෙවෙයි.. ඔහු කියපු විදියට නම් මට හිතේ මැවුනේ ගල්
වලින් හදපු හින්දු දේවාලයක් වගේ..

ගල් මේස, ගල් වලින් හදපු ආසන,
පිත්තල භාජන වගේ ඒවා මේ මාලිගාවේ බිම වැටිලා තිබිලා තියෙනවා.. වටපිටාවේ
වඳුරෝ සෑහෙන ප්‍රමාණයක් ඉඳලා තියෙනවා.. නමුත් ඒ වඳුරෝ අසාමාන්‍ය විදියට
නිශ්ෂබ්දයි කියලයි ඔහු කිව්වේ..

කොහොම වුනත් මේ පුද්ගලයෝ දෙන්නා
මේක ඇතුලේ ඇවිදලා බලලා තියෙනවා.. කාමර කාමර වගේ තිබුනලු.. ඉහලින් හිරු එළිය
වැටෙන්න මැද මිදුලක් වගේ පොකුනකුත් තිබුනලු.. කුලුණු වල සත්තුන්ගේ කැටයම්
තිබුනලු..

මිනිස්සුන්ව හැමදාම ප්‍රශ්න වලට ඇදලා දාන්නේ තණ්හාවයි.. මෙයාලට වුනෙත් ඒකමයි..
මේ පුද්ගලයා බිමට නැවිලා අර බිම වැටිලා තිබුණ පිත්තල සෙම්බුවක් අර ගත්තලු
ගෙදර ගෙනියන්න හිතාගෙන.. ඔහු ඒක අතට ගන්නකොටම එක පාරට අර නිශ්ෂබ්ද වඳුරෝ කෑ
ගහන්න පටන් අරන් තියෙනවා.. ඒ අතරේ ඔවුන් ඇස් කොනෙන් දැකලා තියෙනවා දිග කලු
පාට යමක් මාලිගාවේ යටින් අර පොකුණෙන් මතු වෙනවා..

ඔහු කියපු හැටියට නම් ඒ ඔහු දැක්ක ලොකුම නාගයා.. ලොකු ශරීරයක් සහ පෙණයක් එක්ක ශබ්ද කරමින් ඔවුන් දිහාට බඩගාගෙන ඇවිලා තියෙනවා..
ඉතින් ඔවුන් දුවලා තියෙනවා.. නමුත් කැලේ ටික දුරක් දුවද්දි ඔවුන් සිහි නැති වෙලා වැටුනලු..
ගමේ අය ඔවුන්ව කැලේ වැටිලා ඉන්නකොට හොයාගෙන තියෙන්නේ දින කීපයකට පස්සේ..
පස්සේ ඔවුන් කණඩායමක් මේ මාලිගාව හොයන්න ගිහින් තියෙනවා.. මාලිගාව තියා ඒ
වගේ වනාන්තර ප්‍රදේශයක් වත් ඔවුන්ට හම්බු වෙලා නෑ..

ගමේ වැඩිහිටි අය නම් කියන්නේ ඒ රාවණා රජතුමාගේ විවේක මාලිගාවක් කියලා..
නාගයෝ රාක්ෂ ගෝත්‍රයේ අය එක්ක සම්බන්ධයි රාවණා රජතුමාගේ කාලේ ඉඳලම.. ඒක
අපි දන්නවා.. ඒත් ඒක දාලා කතාවක් ගොතලා කියන්න තරම් අර මිනිස්සු උගත් නෑ
කියලත් මම දන්නවා.. තිරිසන් සතුන්, පරිසරය රාවණා රජතුමා එක්ක සම්බන්ධයි.. ඒ
නිසා මේ කතාව ඇත්ත වෙන්න පුලුවන් ඉඩ බොහොම වැඩියි..

ප්‍රබන්ධයට වඩා ඇත්ත බොහොම ලොමුදැහැ ගන් වන සුලුයි මහත්වරුනි ..

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න…

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

 



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here