“රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීයා පාර්ලිමේන්තු විශේෂ කමිටුව හමුවට කැඳවනවා”

0
101


Image copyright
Getty Images

Image caption

පාස්කු දින ප්‍රහාරවලින් 250කට අධික පිරිසක් මරණයට පත්විය.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ජුලි 24 වෙනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කමිටුව හමුවට කැඳවන බව කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පවසයි.

ඔහු මේ බව බීබීසී සිංහල සේවයට පැවසුවේ එම කමිටුවේ ඉදිරි කටයුතු ගැන විමසූ අවස්ථාවේදීය.

ජුලි වෙනිදා උදෑසන 10.30ට කමිටුවේ සාක්ෂි විමසීම අරඹන බව ද නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

සක්‍රීය සේවයේ නිරත බුද්ධි අංශ නිලධාරීන් මෙම කමිටුවට කැඳවීමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට ඉහතදී අවධාරණය කළේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක තරංග පතිරණ ද එදින කමිටුව ඉදිරියට කැඳවා තිබේ.

  • බෝම්බ ප්‍රහාරය ගැන ජනාධිපතිගෙන් සාක්ෂි ගන්න බැරිද?

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි තවදුරටත් පැවසුවේ, අගෝස්තු මස මුල් සතිය වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කමිටුවේ වාර්තාව සකසා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.

අප්‍රේල් 21 වෙනිදා දේවස්ථාන තුනක් සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් 250කට අධික පිරිසක් මියගිය අතර තුවාල ලැබූ ගණන 500කට අධිකය.

කියවන්න:

  • ආරක්ෂක කවුන්සිලයේ දී “මම වින්දනයක් ලැබුවා; මම අසරණ ලේකම්වරයෙක්” -හේමසිරි ප්‍රනාන්දු
  • සහරාන් ගැන නීතිමය ක්‍රියාමාර්ග නොගත්තේ ඇයි? – සිහළ රාවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here