රවී කියන එජාපයේ ඉන්න කළු බැටලුවෝ කවුද?

0
48


එක්සත් ජාතික පක්ෂය තුළ කළු බැටුවන් පිරිස්ක ඉන්නා බව එම පක්ෂයේ උප නායක, අමාත්‍ය රවී කරුණනායක මහතා පවසයි.

අද පෙරවරුවේ මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල පාසලේ පැවැති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේය.

“බැදුම්කර වංචාව සම්බන්ධයෙන්  පසුගිය වකවානුවේ මට එල්ල වූ චෝදනා හමුවේ මට පමණක් නොවෙයි, මාගේ බිරිදට දරුවන්ට පවා අසාධාරනකම් සිද්ධ වුනා. අසාධාරණ ලෙස චෝදනා එල්ල කළා. මේකට වැඩියෙන්ම දායක වුණේ අපේ පක්ෂයේ අය තමයි.

මගේ පක්ෂයේ කළු බැටළුවෝ ටිකක් ඉන්නවා. ඒ අයට මේක හොද පාඩමක්. පක්ෂය සුද්ධ කරන්න පටන්ගත්ත ගමනක ආරම්භය හැටියට මට මේක පෙන්වා දෙන්න පුළුවන්. දක්ෂයෝ නැති කරගෙන අදක්ෂයෝ මුල්කරගෙන කටයුතු කරන්න නෙමෙයි අවශ්‍ය වන්නේ.”



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here